විදේශ ණය ගෙවුවද රටේ නිල සංචිත ප්‍රමාණය බිලියන 6.8ක මට්ටමේ ස්ථාවරව පවතිනවා – මහ බැංකුව නිවේදනය කරයි

ශ්‍රී ලංකාව දිගින් දිගටම විදේශ ණය සේවාකරණ කටයුතු (ණය වාරික සහ පොලී ගෙවීම්) සිදු කළද, 2026 අප්‍රේල් මාසය අවසාන වන විට රටේ සමස්ත දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.8 ක ඉහළ මට්ටමක ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පවසයි.

දේශීය ආර්ථිකයේ සහ විදේශීය අංශයේ ශක්තිමත්භාවය පිළිබඳව කරුණු දක්වමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ, ඉදිරි කාලසීමාව තුළ රටේ සංචිත තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකි වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *