පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීම හා සම්බන්ධව සැකපිට, හිටපු බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ අත්අඩංගුවට ගත් මොහොතේ දැක් වූ අදහස්වලින්, අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බවට චෝදනා කරමින්, විමලප් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න යන අයට එරෙහිව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, බැලූ බැල්මට ඉහත පුද්ගලයන් අධිකරණයට අපහාස කර ඇති බව පෙනී යන බව පවසා, එම පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරන ලදී.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල, අද දිනයේ දී අභියාචනාධිකරණය හමුවේ කැදවන ලදී.
එහිදී, මෙම පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කර තිබේ.
එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන් පත් කර ඇත.