පියාගෙන් පසු පුතාට දේශපාලන උරුමය හිමිවන දේශපාලන සංස්කෘතිය ජාතික ජනබලවේගය අවසන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නජිත් ඉන්දික මහතා පවසනවා.
සිතාවක තරුණ සමුළුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
සීතාවක සමාජවාදී තරුණ සමුළුව නජිත් ඉන්දික සහ චන්දන සුරියආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියා.
මේ අතර වැලිමඩ තරුණ සමුළුව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම සමුළුවට ද තරුණ තරුණියන් බොහෝ පිරිසක් එක්ව සිටියා.
රුවන් රණසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ඉතිහාසයේ සිදුව ඇති වැරදි නිවැරදි කරමින් පොහොසත් රටක් නිර්මණය කිරීමේ ගමන රජය ආරම්භ කර ඇති බවයි.