බාල බෙහෙත් රජයේ රෝහල් හරහා දෙන්නේ නෑ – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස

බාල බෙහෙත් රජයේ රෝහල් පද්ධති හරහා ලබා දී නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවා .

ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් ඊයේ පුවත්පතක පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ .

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා

“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා බෙදා හරින්නේ. ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්ෂමතාවයක් තිබෙනවා. තාවකාලික සහ ස්ථිරි ලියාපදිංචිය මේ වන විට කඩිනම් කරගෙන යනවා.

නමුත් ඔය කියන බාල බෙහෙත් රජයේ රෝහල් පද්ධතිය හරහා ගිහින් නැහැ. ගුණාත්මක තත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා නම් එය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *