රෙදි වෙනුවට මසා නිම කළ නිල ඇදුම් පාසල් ළමුන්ට දෙනවා – ඇමති සුනිල් හදුන්නෙත්ති


එළැඹෙන වසරේ සිට පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන නිල ඇඳුම් සඳහා වන රෙදි වෙනුවට මසා නිම කළ නිල ඇඳුම් ලබා දීමට රජය බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමේදී විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යාම හේතු කොට ගෙන මෙම තීරණයට එළැඹීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *