කිලෝ 3.1ක් බර වකු­ගඩු ගලක් සාර්ථ­කව ඉවත් කිරිමට මෙරට වෛද්‍යවරුන් සමත් වෙයි

ලෝක වාර්තා­වක් අලුත් කර­මින් 52 හැවි­රිදි පුද්ග­ල­ය­කුගේ වකු­ග­ඩු­වෙන් කිලෝ 3.1ක් බරැති දැවැන්ත වකු­ගඩු ගලක් සාර්ථ­කව ඉවත් කිරී­මට ත්‍රිකු­ණා­ම­ලය මහ රෝහලේ වෛද්‍ය­වරු සමත්ව තිබේ.

වෛද්‍ය විද්‍යා ඉති­හා­සයේ මෙතෙක් වාර්තා වී තිබූ බරම වකු­ගඩු ගල පිළි­බඳ වාර්තාව සම්පූ­ර්ණ­යෙන්ම උඩු­ය­ටි­කුරු කර­මින් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය අත්ක­ර­ගත් මෙම සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණය ජාතික හා ජාත්‍ය­න්තර මට්ට­මින් ත්‍රිකු­ණා­ම­ලය රෝහල හා ශල්‍ය­ක­ර්මය සිදු කළ වෛද්‍ය කණ්ඩා­යම පිළි­බ­ඳව දැඩි කතා­බ­හට ලක්ව ඇති ප්‍රධානපෙළේ සිදු­වී­මක් බවට පත්ව ඇත.

මෙම අති­ශය සංකීර්ණ හා විස්මිත ශල්‍ය­ක­ර්මය ත්‍රිකු­ණා­ම­ලය මහ රෝහලේ වකු­ගඩු ශල්‍ය වෛද්‍ය විශේ­ෂඥ ප්‍රග­ලා­දන් බාල­ක්‍රි­ෂ්ණන් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් නිර්වි­න්දන වෛද්‍ය විශේ­ෂඥ අමිල ජය­කොඩි, වෛද්‍ය­ව­රුන් වන එම්.එම්. රිෂ්ලි, ජේ.එම්. ඉහ්සාන්, සී. ප්‍රග­ලා­දන් යන මහ­ත්වරු ඇතුළු කාර්ය මණ්ඩ­ල­යක සහ­භා­ගි­ත්ව­යෙන් සාර්ථ­කව නිම කරන ලදි.

මීට පෙර 2003 වසරේ බ්‍රසී­ල­යෙන් වාර්තා වී තිබූ කිලෝ 1.9ක බරින් යුත් ලොව විශා­ල­තම වකු­ගඩු ගලේ වාර්තාව අබි­බවා යමින්, මෙවර කිලෝ 3යි ග්‍රෑම් 100ක් ලෙස වාර්තා වූ මෙම දැවැන්ත ගල ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ඉහ­ළට ඔසවා තැබී­මට සමත් වූ සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­යකි.

ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධ­තියේ පව­තින වෘත්තීය විශි­ෂ්ට­ත්වය සහ වෛද්‍ය­ව­රුන්ගේ සුවි­ශේෂී කුස­ලතා මනාව පෙන්නුම් කරන මෙම සංසි­ද්ධිය, ඉදි­රි­යේදී මෙරට වෛද්‍ය හා ශල්‍ය­කර්ම ක්ෂේත්‍රයේ නව පර්යේ­ෂණ සහ සෞඛ්‍ය ප්‍රමි­තීන් ඉහළ නැංවීම සඳහා මහත් රුකු­ලක් වනු ඇත. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ලැබූ මෙම අනු­ප­මේය ජය­ග්‍ර­හ­ණය මෙරට රෝහල් කාර්ය මණ්ඩ­ල­වල කැප­වීම සහ දක්ෂ­තාව ජාත්‍ය­න්ත­රය හමුවේ යළිත් වරක් තහ­වුරු කළ අව­ස්ථා­වක් ලෙස ඉති­හා­ස­ගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *