බිඳවැටුණු ව්‍යාපාර යළි බලගැන්වීම සඳහා ගනුදෙනුකරුවන්ට සහාය වීමට සෑම බැංකුවකම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව උපදෙස් ලබා දී තිබේ.
ව්‍යාපාරයන්ට යළි පණ ගැන්වීමට අවශ්‍ය මුදල් ප්‍රදානයන් ලබාදීම , ණය පොලිය අඩුකර ගැනීම, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම ඇතුළු සේවා රාශියක් මෙම ඒකක හරහා සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සෑම බැංකුවකටම නව ඒකක පිහිටවන්න උපදෙස් ලබාදීමට පෙර ඇතැම් බැංකුවල එම ඒකක ක්‍රියාත්මකව තිබිණි.
කලින් පිහිටුවා තිබූ ඒකක වඩාත් කාර්යයක්ෂම සහ සහ මහජන මිත්‍රශීලී සේවාවක් සපයන ඒකක ලෙස වැඩිදියුණු කිරීම නව ක්‍රමවේද යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකා මහබැංකුව අවස්ථා ගණනාවකදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කොට ඇත.
එලෙස මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය ගනුදෙනුකරුවන්ට ලබා දීම බැංකුවල වගකීමය. අවස්ථා කිහිපයකදී ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය ණය පොලිය අඩුකර ගැනීමට ඉවහල් වන ආකාරයට යොදා ගන්නයි ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා බැංකු පද්ධතියෙන් මීට පෙරද ඉල්ලීමක් කොට තිබේ .
ඒ අනුව දැනටමත් ව්‍යාපාර පහසු කිරීමට බැංකු අඩු පොලී අනුපාත යටතේ ණය ලබාදීම ආරම්භ කොට ඇත. මේ සම්බන්ධයෙන් අප ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහා කළමනාකරු රසල් පොන්සේකා මහතාගෙන් විමසීමක් කළා.
ඊට පිළිතුරු දුන් ඒ මහතා දැනටමත් ලංක බැංකුවේ පළාත් මට්ටමින් මෙවැනි මධ්‍යස්ථාන 11ක් ක්‍රියාත්මක වන බව කීය. කොළඹ මූලස්ථානයේ ද එවැනි එකකයක් තිබේ. ඒ තුළින් වඩාත් කාර්යක්ෂම සුහදශීලි සේවාවක් ගනුදෙනුකරුවන්ට ලබාදෙන බව ද ඔහු කීය.
Inform the respective bankers to assist their own clients to revamp businesses.
Some bankers have acquired properties illegally, unethically.
Legal framework is only a guide line..
Bankers should not act as lenders.
Mostly reason for collapse businesses are over funding, and encourage for over trading.
Second bankers do not discuss about the project before lending.