මේ වන විට සමාජයේ භාවිත කරන ‘බස් ඩ්‍රයිවරයා’ යන යෙදුම වෙනුවට ‘මිස්ටර් ඩ්‍රයිවර්’ ලෙසත්, ‘කොන්දා’ වෙනුවට ‘කොන්දොස්තර මහතා’ හෝ ‘මිස්ටර් කන්ඩක්ටර්’ ලෙසත් ආමන්ත්‍රණය වෙනස් කර ගත යුතු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ අනුව, එවැනි ප්‍රවාහන සේවාවක් ගොඩ නැඟූ දිනයක තමන් බලාපොරොත්තු වන ගුණාත්මක ප්‍රවාහන තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවයි උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එය එසේ සිදු කිරීමට හැකි වන්නේ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පමණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඕනෑ තරම් තාක්ෂණය සහ නීති ගෙන ඒමට හැකි බවත්, එහෙත් මානව ගුණාංගවලින් පිරිපුන් රියදුරෙක් හා කොන්දොස්තරවරයෙක් නිර්මාණය කළ හැක්කේ තමන් තුළින්ම බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.