ඩී.වී චානක පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු ලෙස පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී චානක මහතා ව එම තනතුර සඳහා තෝරාගෙන තිබුණි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ට නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *