රාජ්‍ය සේවය කප්පාදු නොකරන බව ජනපති අනුර කියයි

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.

එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ  අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි. 

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ  සේවය වසර 200ක් පමණ පැරැණි වන අතර රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ජනාධිපතිවරයා  සඳහන් කළේය. 

එහෙත් අවසාන අරමුණ හා ඉලක්කය වල වත්මන් තත්ත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *