රැකියා විරහිත උපාධිධාරිණිය විදේශ විණිමය උපයා ගන්න අරාලි ගම්මානය සූරිකාන්ත මල් උයනක් කරයි

යාපනයේ අරාලි ගම්මානයේ වෙසෙන විසිහය හැවිරිදි මානික්කපිල්ලේ විදූෂණී යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය උපාධියට හදාරා ඇත්තේ කළමනාකරණ විෂයන්ය.

ඇගේ නැගණිය උසස් පෙළ විභාගයෙන් සමත්ව නිවසේ සිටියි.

උපාධිධාරි විදූෂණීට රැකියාවක් ලැබි තිබුණේ නැත. මෙතෙක් රැකියාවක් නොමැති නිසා ඇය සිය නැගණියගේද සහය ඇතිව සිය නිවස පිහිටි ඉඩමේ පසුපස කොටසේ සූරියකාන්ත මල් වගාවක් පටන් ගත්තාය. ඇය වගාව පටන් ගත්තේ ආත්ම තෘප්තිය වෙනුවෙනි. එමෙන්ම ආර්ථිකයට යම් ශක්තියක් ලබා ගැනීම ද මේ මල් වගාවේ අදහස වූයේය.

SUN F 0004 Iri News
SUN F 0003 Iri News

ඇයගේ මේ වගාව මේ වන විට අලංකාර මල් උයනක් වී තිබේ. දුටු දුටුවන්ගේ සිත් ඒ සූරියකාන්ත වගාව කෙරෙහි දුටුවන් සිත් බැඳෙන්නේ ඒ වචනයට නැගිය නොහැකි අලංකාරයක් පරිසරයට එක් වී ඇති බැවිනි. ඒ චමත්කාරය විදුෂණී ගැන ඉතා ඉහල අවධානයක් යොමු කර තිබේ.

SUN F 0006 Iri News
ඒ අක්කයි නංගියි…

අපි මේ මානික්කපිල්ලේ විදූෂනී මුනගැසුනෙමු. මේ ඇයගේ කතාවයි.

” මුලින්ම මේ වගාව කලේ විනෝදයට වගේ තමයි. පස්සේ ඉන්දියාවේ රූපවාහිනී චැනල් එකක දැක්කා තරුණියක් මේ වගේ සූර්යකාන්ත මල් වගාවක් කරගෙන යනවා. ඒ මල් වල ඇට එක් සමාගමක් ඇවිත් මිලට ගන්නවත් ඒකේ පෙන්නුවා.
මම මගේ ෆේස් බුක් එකේ යෙහෙලියකගෙන් ඒ ගැන විස්තර අහුවා. ඇය මට ඒ වගාව කරණ තවත් කෙනෙක් සමාජ මාධ්‍යයෙන් මුණ ගැස්සුවා. අපි දෙන්නා කතා කළා. එයා තමයි මට කිව්වේ සූර්ය කාන්ත මල්වල ඇට කිලෝ එකකට ඉන්දියාවෙදි රුපියල් 3000 ත් 4000 ත් අතර මිලක් ගන්න පුලුවන් කියලා.

මම ඊට පසේ මේ වගාව ගැන තවත් උනන්දු වෙලා මගෙ වගාවට හොඳට සාත්තු කලා. දැන් වගාව හරීම සාර්ථකයි. මම හිතනවා මගේ දැණීමේ හැටියට මගේ මේ වගාවෙන් සූර්යකාන්ත මල් ඇට කිලෝ 25000 ත් 40000 ත් අතර ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙයි කියලා. මම තවත් මේකට උන්නදු වෙලා සාත්තු කරලා ආරක්ෂා කර ගන්නවා.

SUN F 0002 Iri News

දැන් ඉන්දියාවට මේ ඇට යවන්නත් ලේසියි. යාපනය ඉන්දියව අතර නැව් සේවාවක් තියනවා. අඩු මුදලකට මේවා එහාට යවන්න පුලුවන් වෙනවා.

අනික තමයි මේ සූර්ය කන්ත මල් වගාවේ ඇට විකුණන්න කලින් මම සෑහෙන මුදලක් මේ වගාවෙන් දැන් හොයා ගෙන තියනවා. මේකේ ලස්සන දැකලා ගොඩාක් අය තමන්ගේ වෙඩින් එකේ පින්තූර මේ සූරියකාන්ත මල් වත්තේ ඉඳලා ගන්න එනවා. තරුණ ජෝඩු එනවා. මම එයලගෙන් මුදලක් අය කරනවා. පොහොර වල සල්ලි වලට සාත්තු වියදම් වලට ඕනේ සල්ලි වලට වඩා මුදලක් මම එහෙම හොයා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *