පාස්කු ප්‍රහාර විමර්ෂණ හරි පාරේ යන බව විශ්වාසයි – කාදිනල් හිමි කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුත-ු නිවැරදි මාර්ගයේ යන බව පෙනී යන්නේ යැයි, අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ පවසති. 

උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල විමර්ශනකටයුතු වල ප්‍රගතිය පිළිබදව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. 

රජය, පරීක්ෂණවල ප්‍රගතිය පිළිබදව විටින් විට තමන් වහන්සේව දැනුවත් කරන බවද කාදිනල් හිමියෝ එහිදී පවසා තිබේ. 

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකිවෙනු ඇතැයි, තමන් වහන්සේ තුළ සුබවාදී අපේක්ෂාවක් ඇති බවද කාදිනල් හිමියෝ පවසති.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *