පාස්කු ප්‍රහාරයට ආයුධ ගෙනා ලොරිය නිදහස් කලේ දේශබන්දු – චමීර හෙළි කරයි


උපරිම වුණොත් තව දවස් පනහයි ඉන්න පුළුවන් වෙන්නේ, වික්‍රමසිංහ රාජපක්ෂ පැලැන්තියේ බලය තියෙන්නේ තව දවස් පනහයි.

මේ පුද්ගලයා පොලිස්පති ධුරයට නම යෝජනා කරනකොටම අපි විරුද්ධ වුණා, මෙයාට තියෙන්නේ හරිම අප්‍රසන්න රාජකාරි ඉතිහාසයක්, කුඩු අල්ලනවා කියලා මෙරටට කුඩු ගේන ව්‍යාපාර කරන එකෙක් ඇල්ලුවද?

ඇල්ලුවේ කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න මිනිස්සු, පසුගිය කාලයේ මේ මනුස්සයා හෝටලයක් කුඩු කරා, එතකොට කිව්වේ මේක කුඩු සල්ලිවලින් හදපු එකක් කියලා.

ඔහුට කප්පම් නොදෙන අයව කුඩු කාරයෝ කියලා ඔවුන්ගේ දේපල විනාශ කරනවා.

පාස්කු ප්‍රහාරයට ආයුධ රැගෙන ඇවිත් පොලිස් අත්අඩංගුවට පත් වුණ ලොරි රථය නිදහස් කලේ මොහු, ඒ මනුස්සයාව පොලිස්පති කරාම රටේ ආරක්ෂාවට මොකද වෙන්නේ?

මේ පොලිස්පති රාජපක්ෂලාගේ හුරතලෙක්, .ගරු අධිකරණය සෘජුවම කියනවා මොහුගේ පොලිස්පති ධුරට අහෝසි කරන්න කියලා.

අගමැතිවරයා කියනවා ව්‍යවස්ථාදායක ඉඩ දෙන්නේ නැ කියලා ඔහු ඉවත් කරන්න, මේක පාර්ලිමේන්තුවක්ද? නැ මේක පාර්ලිමේන්තුවක් නෙවෙයි යනුවෙන් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *