වැඩි ගාස්තු අය කළ විසා ක්‍රමවේදය නිසා සංචාරකයින් පැමිණීම පහළට

හදුන්වා දී තිබෙන නව වීසා ක්‍රමය හේතුවෙන් සංචාරක පැමිණීම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව පවසන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන ආයතන කිහිපයක්, එම වීසා ක්‍රමය යළි සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.

වසර කිහිපයකට පසුව පළමු වතාවට පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී 2015 වසරේ වාර්තා වූ සංඛා දත්ත ඉක්මවා යන සංචාරක පිරිසක් දිවයිනට පැමිණ තිබුණි.

එතැන් සිට 2024 ජනවාරි මාසය දක්වා, සංචාරක පැමිණීම් 2015 සහ 2016 යන වසරවලට සාපේක්ෂව අඛණ්ඩව ඉහළ ගියේ ය.

නමුත්, 2024 වසරේ අප්‍රේල් මාසයේ දී වී.එෆ්.එස් ආයතනයේ මැදිහත් වීම සහ වීසා ගාස්තු ඉහළ දැමීමත් සමග සංචාරක පැමිණීම් සැලකිය යුතු මට්ටමකින් පහත වැටීමට පටන්ගත් බව ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතන චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කළද මේ දක්වා කිසිදු විසදුමක් ඉදිරිපත් වී නැති බවට ඔවුන් චෝදනා කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා හෝටල් සංගමය, සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෘත්තීය සම්මන්ත්‍රණ ප්‍රදර්ශන කරුවන්ගේ සංගමය, ලංකා හෝටල් පාසල යන ආයතන ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතනයේ සහාය ඇතිව වී.එෆ්.එස් නව වීසා ක්‍රමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.

වී.එෆ්.එස් නව ක්‍රමය කොතරම් සංකීර්ණද යත්, වීසා නිකුත් කිරීමේ දී මීට පෙර සංචාරකයන්ගෙන් අසන ලද ප්‍රශ්න සංඛ්‍යාව දහයක් වැනි සුළු ප්‍රමාණයක් වූ අතර මේ වන විට එය ප්‍රශ්න තිහක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව රටවල් හතක් සදහා ෆ්‍රී වීසා නිකුත් කරන බව කීවද, හදුන්වා දී තිබෙන වී.එෆ්.එස් ක්‍රමය මගින් ඔවුන්ගෙන් ඩොලර් දහයක මුදලක් අය කරන බව ද පැවසේ.

මෙකී නව වීසා සැකසීමේ ක්‍රමය සංචාරක කර්මාන්තය විශාල බලපෑමක් ඇති කර ඇති බව ලංකා හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්ති කුමාර් මහතා පවසා තිබේ.

සන්ඩේ ටයිම්ස් උපුටා ගැනීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *