බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.
ඒ අනුව රුපියල් 26 ක්ව පැවැති බිත්තරයක මිල රුපියල් 24ක් වේ.
ඊයේ (21) පැවැති කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මේ බව තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පැවැසීය.
ගොවිපළ බිත්තර මිල සුදු රුපියල් 24ක් ලෙසත් රතු රුපියල් 26 ලෙසත් එහිදී නියම කළ අතර තොග මිල ලෙස රුපියල් 27 හා 29 ලෙස සුදු හා රතු වශයෙන් එහිදී බිත්තර මිල නියම කර තිබිණ.
“මව් සතුන් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නිසා නිපදවන පැටවුන් වැඩියි. මව් සතුන්ගේ බිත්තරත් වෙළෙඳපොළට එනවා. ඒ නිසා බිත්තර අතිරික්තයක් නිර්මාණය වෙලා තියන බව කොයි කවුරුත් දන්නා කරුණක්. අපි කෘෂිකර්ම ඇමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් කියන්නෙ දැනට ලක්‍ෂ 11කට අධික පැටවු ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. අවශ්‍යතාව තියෙන්නෙ පැටවු ලක්‍ෂ 8ක් විතර. අමුද්‍රව්‍ය මිලත් දිනෙන් දින ඉහළ යන නිසා ගොවියා අන්ත අසරණ තත්ත්වයක ඉන්නෙ. අපි ඒකයි මේ මව් සත්තු සීමා කරන්න කියලා ඉල්ලන්නෙ.” යැයි ද හෙතෙම කීවේය.