පත් වීම් ලබා දීම සහ භාණ්ඩ බෙදා හරින දේශපාලකයින්ගේ වැඩසටහන් 30ක් මැතිවරණ කොමිසම අත්හිටුවයි

නිදහස් මැතිවරණයකට බාධා එල්ලකරමින් දේශපාලන මැදිහත් වීමෙන් සංවිධානය කල උස්සව සහ වැඩසටහන් 30 ආසන්න සංක්‍යාවක් නතර කර බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ඒ කොමිෂමට ලැබුණු පැමිණිලි අනුවයි.

දේශපාලන මැදිහත් වීමෙන් ඡන්ද දායකයින්ට පත්වීම් ලබාදීම සහ භාණ්ඩ බෙදාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් එලෙස නතර කර බව පැවසීය.

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් සිටින බව වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *