සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම ට්‍රිලියන 04 ඉක්මවා යයි

මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම 2024 වසරේ දී රු. ටි්‍රලියන 4 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නවීන විසඳුම් සමගින් දායක මුදල් එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන අතරම සාමාජිකයන්ට විශ්‍රාම ගැනීමට පෙර සහ පසුව ප්‍රතිලාභ ලබාදීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

සේවක අර්ථසාධක අරමුදල විසින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වාර්තා ඩිජිටල්කරණය සහ සාමාජික දායක මුදල් මාර්ගගත ගෙවීම් හරහා සිදු කිරීමට ඉඩ ලබා දීම ඇතුළු විසඳුම් කිහිපයක් ක්‍රියාත්මක කරන අතර නිසැකවම, මාර්ගගත ගෙවීම් ක්‍රම හඳුන්වාදීම තුළින් සේවා යෝජකයින්ට ඔවුන්ගේ සේවක අර්ථසාධක දායක මුදල් ගෙවීමේ පහසුව සහ නම්‍යශීලීභාවය ලබා දෙනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *