79% දක්වා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩ පිළිවෙල අනුව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහෝදරයාගේ යෝජනාවක් මත මහියංගනය වියානා ඇලට ඉහළින් සූර්ය විදුලි (Canal-Top Solar) ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.
ඒ සඳහා වන ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාව ඊයේ (ජූලි 20) මහියංගනයේදී පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස මමද, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සහ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අලහකෝන් මහතාද මෙම අවස්ථාවට එක්විය.
මෙම නිරීක්ෂණයට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා, අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු රෝහණ රම්බොඩගේ මහතා, ලංකා විදුලි බෙදාහැරීම් සමාගමේ සැලසුම් ඉංජිනේරු අසිත අත්තනායක මහතා, මහවැලි අධිකාරියේ ඉංජිනේරු නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.