වත්මන් දූෂිත ආණ්ඩුව පළවා හැරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.
ඒ සඳහා හේතු සෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි මහරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ජනතාවට ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලබාදීමට බව ද, නමුත් ආණ්ඩුව නිර්මාණය කර ඇත්තේ, ‘පොහොසත් ආණ්ඩුවක්’ මිස ‘පොහොසත් රටක්’ නොවන බව ද ඔහු සඳහන් කළා.
එසේම, වැටුණු දේශපාලන ව්‍යාපාරයක් යළි නැගිටුවීම ඔලිම්පික් තරගයක් නම්, එහි රන් පදක්කම නාමල් රාජපක්ෂට හිමි විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.