දිට්වාවලට කෝටි පන්දාහක් වෙන් කළා – ණයට නෙවෙයි, අච්චු ගහල නෙවෙයි – ජනතාවගේ සල්ලි ජනතාවට දෙන හැටි ජනපති අනුර මැයි රැළියේදී කියයි

දිට්වා දීමනාව සඳහා රුපියල් කෝටි පන්දාහක් වෙන් කර ඇති බවත්, ඒ සඳහා ණයට ගත්තේ හෝ මුදල් අච්චු ගැසුවේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

නුවරඑළිය මැයි රැලි​ය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, “දිට්වාවලට කෝටි පන්දාහක් වෙන් කළා. ණයට අරගෙන නෙවෙයි. මුදල් අච්චු ගහල නෙවෙයි. ජනතාවගේ සල්ලි ඉතුරු කරලා. ජනතාවගේ වැඩවලට යොදවනවා” යනුවෙනි.

රාජ්‍ය වියදම් කපා හැරීමෙන් සහ මූල්‍ය විනය ඇති කිරීමෙන් ඉතිරි කරගත් මුදල්, ජනතාවට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන සුබසාධන වැඩසටහන් සඳහා යොදවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *