ඩෙල්ෆ් දූපතේ මාවෙලි – පෙරියතුරෙයි මාර්ගයේ කිලෝමීටර් 3.650 සිට කිලෝමීටර් 5.350 දක්වා වූ මාර්ග කොටස සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (05) ආරම්භ කෙරුණා.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 135.9ක්.
මෙම මාර්ග සංවර්ධන කටයුතු ඊයේ (05) දින ආරම්භ වූ අතර, 2026 ඔක්තෝබර් 04 වනදා වන විට අවසන් කිරීමට නියමිතයි.
දූපතේ ජනතාවගේ දෛනික ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම, ආර්ථික හා සමාජීය කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ ප්‍රදේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.