බල හුවමාරුවට බාධා කරන්න එපා – විදෙස් තානාපතිවරු ජනපතිට කියයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී මේ වන විට සියළු සමීක්ෂණ වලින් තහවුරු වී ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය කඩාකප්පල් කරමින් සාමකාමී බල හුවමාරුවක් සිදුවීම කඩා බිඳ දැමීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සිදුකළ හොත් ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමේ සුදානමක් ගැන අනාවරණය වෙනවා. තම රටවලට ඇතුළුවීම තහනම් කරන නීති පැනවීමට සිදුවන බව විදෙස් රටවල් කිහිපයක තානාපතිවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසන්නේ තමන් ජනාධිපති වූ වහාම භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කර ඒ සමඟම පාර්ලිමේන්තුව විසිරුවා හැර නව පාර්ලිමේන්තු මැතිවරණයකට යන බවයි එම වාර්තා සඳහන් කරන්නේ. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 3ක් පමණක් තිබෙන පක්ෂයක් භාරකාර ආණ්ඩුවක් හැදීම පිළිබඳ ව්‍යවස්ථානුකූල මාවත් 3ක් ගැන ඔහු පැහැදිලිව පවසන බව එම වාර්තා හී සඳහන් වෙනවා. ඒ අතර සැප්තැම්බර් 21 දා ඡන්දයට පෙර දිනයේ එනම් 20 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පසු ඔහුට භාරකාර ආණ්ඩුවක් සැදීමට තිබෙන ඉඩ කඩට අකුල් හෙලීමක සැලසුමක් ගැන තහවුරු නොකළ ආරංචි පැතිර යමින් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (15) පැවැති සටන රූපවාහිනී වැඩ සටහනේ දී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ජනාධිපතිවරයා එවැනි ක්‍රියාමාර්ගයක් ගත හොත් කැබිනට් අමාත්‍යාංශ 25 ක් ගැසට් කර ඒ සඳහා ලේකම්වරුන් පත් කර අමාත්‍යාංශ 25 ම, පාර්ලිමේන්තු මැතිවරණය දක්වා ජනාධිපතිවරයා යටතට පත්කළ හැකි බවයි. එම කාලය බොහෝ විට දින 53 ක් වනු ඇති බවයි ඔහු කියන්නේ.

“බලවත් රටවල තානාපතිවරු ට්‍රැවල් බෑන් පැනවීමට ගැන රනිල්ට අනතුරු අඟවා ඇත්තේ එවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම පිළිබඳවයි. ඔවුන් රනිල්ට වැඩිදුරටත් අනතුරු අඟවා ඇත්තේ අඩුම ගණනේ අනුරලාගේ නව රජයෙන් රනිල්ට බලපෑම් එල්ල වුවහොත් එවැනි අවස්ථාවක දී තානාපති අංශයන්ට මැදිහත් වීමට ඇති ඉඩකඩ පවා අහිමි කර නොගන්නා ලෙසයි” යනුවෙන් මෙම තත්වය පිළිබඳව සටහන් තබමින් මාධ්‍ය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *