සෑම රෝහලක්ම ස්මාට් රෝහලක් කරනවා – සජිත් කියයි

ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වූ පසු මෙරට සෑම රෝහලක්ම ස්මාට් රෝහලක් බවට පත් කරන බව සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැළියක් අමතමිනි.

ගොවි ජනතාව වෙනුවෙන් කිලෝ පනහක පොහොර මිටියක් රුපියල් පන් දහසක මුදලකට ලබාදීමටද තම රජයක් යටතේ කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ හරහා ගොවි ජනතාවට අඩු පිරිවැයකින් තම ගොවි නිෂ්පාදන කරගෙන යාමට අවස්ථාව ලැබෙනු ඇති බවත් හෙතෙම පැවසුවේය.

ධීවරයන්ටද ඉන්ධන සහනාධාරයක් තම රජයක් යටතේ ලබා දෙන බවත් පැවසූ ඒ මහතා මෙම කටයුතු හරහා ගොවිතැනත් ධීවර කර්මාන්තයත් සුහුරු කර්මාන්ත බවට පත් කිරීමට කටයුතු කරන බවත් තවදුරටත්  කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *