හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අල්ලස් කොමිසමට පැමිණෙයි

එයාර් බස් ගනු­දෙ­නුව සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නීම සඳහා දකුණු පළාත් සභාවේ හිටපු ආණ්ඩු­කාර විලී ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට ඊයේ (11) කැඳවා තිබිණි.

කොමි­සම කරන ලද දැනු­ම්දීම අනුව ඊයේ පෙර­ව­රුවේ එහි පැමිණි ඒ මහතා පැය දෙකක පමණ ප්‍රකා­ශ­යක් ලබා දී ඉන් පිටව ගියේය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ, හිටපු ගුවන් සේවා ඇමැති පියං­කර ජය­රත්න මහ­ත්ව­රුන්ට අද (12) පෙර­ව­රුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව වෙත පැමි­ණෙන ලෙස දැනුම් දී ඇත.

එයාර් බස් ගනු­දෙ­නු­වෙන් ලැබුණු බව පැව­සෙන ඩොලර් මිලි­යන 2න් රුපි­යල් මිලි­යන 60ක් අවස්ථා තුන­කදී හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට සහ හිටපු ඇමැති පියං­කර ජය­රත්න මහ­තාට රුපි­යල් මිලි­යන 20ක් ලබා දුන් බවට එයාර් බස් ගනු­දෙ­නුවේ ප්‍රධාන සැක­ක­රු­වකු ලෙස නම් කර ඇති ශ්‍රීල­න්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරි කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් කොමි­ස­මට දිවු­රුම් ප්‍රකා­ශ­යක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇති අතර ඊට අදාළ විම­ර්ශන අල්ලස් කොමි­සම විසින් සිදු කරනු ලබයි.

මෙම සිද්ධියේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි ශ්‍රීල­න්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරි කපිල චන්ද්‍ර­සේන මහතා අධි­ක­ර­ණය නොමඟ යව­මින් ව්‍යාජ ඇප දෙකක් තැන්පත් කර ඇප ලබා පිටව ගිය බවට අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් ඇප අව­ලංගු කර තිබුණු අතර එහි ඇප අව­ලංගු කිරී­මට සිදු කළ නියෝ­ග­යෙන් පසු ඔහු සිටි කාම­රය අගුළු දමා සිය­දිවි නසා­ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *