හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ඔහු ඊයේ දිනයේ දී දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර, 18 වන දා, එනම් බදාදා දිනයේ දී රෝහල්ගතවීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
සති දෙකක් හෝ තුනක් ඒ මහතා රෝහල තුළ ගතකිරීමට නියමිත බව වාර්තා වේ.
සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා, මහජන මුදල් රුපියල් ලක්ෂ 169 ක ප්‍රමාණයක් අවභාවිතා කර ඇති බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරා ඇති අතර, ඊළග නඩු වාරය යෙදී ඇත්තේ අප්‍රේල් 29 වන දා ට යි.