මටත් හෙට ඉඳලා කියයි එල්නීනෝ සජිත් ප්‍රේමදාස කියලා, ප්‍රශ්නයක් නැහැ, ඕන නමක් කියන්න – සජිත් ප්‍රේමදාස කියයි

‘එල් නීනෝ’ සහ ‘ලා නීනා’ තත්ත්වයන් පිළිබඳව, ඉතාමත්ම ඉහළ මට්ටමේ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ හරහා මෙම තත්ත්වය අධ්‍යයනය කළ යුතු බවත්, දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හරහා ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මෙම තත්ත්වය ගැන කතා කිරීම හේතුවෙන් තමන්ට ‘එල් නීනෝ සජිත් ප්‍රේමදාස’ යනුවෙන් ප්‍රකාශ කළ හැකි බවටත්, එහෙත් එසේ ප්‍රකාශ කළ ද මෙම ව්‍යසනය ඇති වන්නේ රටේම ජනතාවට බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *