වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින්ට එරෙහිව ලැබී ඇති දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් එම කොමිසමේ සභාපති, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ජී.එල්. පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සන් සහිතව මෙම ලිපිය භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.
නීතිය සෑම පුද්ගලයෙකුටම තරාතිරම නොබලා එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරමින්, ඒකාබද්ධ විපක්ෂය විසින් යොමු කරන ලද එම ලිපිය මඟින් ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳව කොමිසමේ අවධානය යොමු කර තිබෙනවා.
අදාළ ලිපිය පහතින්.