මුදල් අමාත්‍යාංශය විසින් හෙට (11 වැනිදා ) සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද ඉහළ දමා තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුරා බද්ද සියයට 5 කින් ඉහළ දමා ඇත.
මේ අනුව මිලි ලීටර් 750 අති විශේෂ මත් පැන් බෝතලයක මිල අවම වශයෙන් රුපියල් 106 කින් වැඩිවේ.
මේ අනුව අනෙකුත් මත්පැන් වර්ග වල මිල ගණන් ඊයේ සිට සියයට 5 කින් වැඩි වන්නේය.
සුරා බද්ද වැඩි කිරීමට අදාල ලිපිය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් සුරාබදු කොමසාරිස්වරයාට යොමුකර ඇත.