යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම් පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා මාසයක කාලයක් ලබාදී තිබේ.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම වාර්තාව ලබාගත හැකිය.
මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ද එම වාර්තාව ලබාගත හැකිය.
ගාල්ල කඩවස් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගාල්ල මහ නගර සභාව,ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උණවටුන කාර්යාලයේ ද එම වාර්තාව ප්‍රදර්ශනය කිරීම සිදුවෙයි.
ඒ සම්බන්ධයෙන් වන අදහස් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ජනතාවට දැනුම් දෙන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදක් ගොඩ කරලා හදන සංවර්ධනය කුමක්ද? ස්වභාවිකව තියන දේ විනාශ කරලා දියුණු කිරීම අටුව කඩා පුටුව සෑදීමක් වගේ. ජෛව පද්ධතියට ඔය සංවර්ධනය බලපානවා පසු කාලීනව. භූ විද්‍යාත්මක වෙනස්වීම් හිතුමතේ වාසි තකා වෙනස් කරන්න එපා.