නිතීඥවරයෙක් ලෙස සුරේෂ් සලේ මුණ ගැසීමට ගම්මන්පිලට අවසර නෑ,මුණගැසිය හැක්කේ නීතිඥ අසිත්ට පමණයි – කොටුව මහේස්ත්‍රාත් කියයි

නීතිඥවරයකු ලෙස උදය ගම්මන්පිල මහතා සුරේෂ් සලේ හමුවීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

“නීතිඥ භූමිකාව සහ ප්‍රකාශක භූමිකාව පටලවා ගැනීමෙන් සැකකරුටම අගතියක් විය හැකියි” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේය.

නීතිඥවරයකු ලෙස සැකකරු මුණ ගැසී, සැකකරුගේ උපදෙස් මත හෝ තමන්ගේ මතයත් සමඟ පොත් ප්‍රකාශ කිරීමෙන් සිදුවෙමින් පවතින විමර්ශනවලට බාධාවක් විය හැකි බව අධිකරණය අවධාරණය කළේය.

එවැනි ක්‍රියාව “නීතිඥ වෘත්තීය ආචාරධර්මවලටත් පටහැනි විය හැකියි” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, “මින් පසු සලේ මුණගැසිය හැක්කේ නීතිඥ අසිත් සිරිවර්ධනට පමණයි” යනුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *