සද්භාවයෙන් මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය වැටලීම් කරනවා නම් මේ වන විට අයිස් හිඟවී අයිස් මිල ඉහළ යා යුතු බව උදය ගම්මන්පිල මහතා පවසනවා.
මේ වන විට මත්ද්‍රව්‍ය නැතුව කෑ කෝ ගසමින් තරුණ තරුණියන් අසනීප වී සිටිය යුතු බවත්, ඔවුන් පෝලිමේ රෝහල් ගත කිරීම හෝ පුනරුත්ථාපන කඳවුරු වෙත රැගෙනයාම වැනි මහා විප්ලවයක් සිදු විය යුතු බවත් තවම එවැනි දෙයක් පෙනෙන්නට නැති බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසනවා.