මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB), HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු මෙහෙයුම් රුපියල් බිලියන 18කට අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹී ඇති බව නිවේදනය කර ඇත.
නේෂන්ස් ට්‍රස්ට් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊයේ (23) දිනයේදී මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, අද දිනයේදී අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ.
මෙම ගිවිසුම 2026 වසරේ මුල් භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම අත්පත් කර ගැනීම හරහා HSBC ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගනුදෙනුකරුවන්ගේ බැංකු කටයුතු, ක්‍රෙඩිට් කාඩ්පත්, පුද්ගලික ණය සහ ගිණුම් ඇතුළු ගනුදෙනුකරුවන් 200,000කට ආසන්න පිරිසක් NTB වෙතට එක් වනු ඇත.
මෙම තොරතුරු කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.