පුළුවන් හැම වෙලාවේම පන්සලට ගිහින් පන්සලේ ස්වාමීන්වහන්සේ ඇසුරු කරන්න – තිසස්කුට්ටිආරච්චි කියයි

“පුළුවන් හැම වෙලාවේම පන්සලට ගිහින් පන්සලේ ස්වාමීන්වහන්සේ ඇසුරු කරන්න” යනුවෙන් පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ෆෙස්බුක් සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියේය.

පන්සලේදී ලැබූ අත්දැකීම

මන්ත්‍රීවරයා තමන් පන්සලකට ගිය අවස්ථාවක ලැබූ අත්දැකීමක් මෙසේ විස්තර කළේය:

“පන්සලට ගියා. අපේ මහත්තයෝ තේ එකක් බොමු කියලා කිව්වා. මගේ හාමුදුරුවෝ පුටුවෙන් නැගිට්ටා. මම ඇහුවා කවුද තේ හදන්නේ කියලා. අපේ මහත්තයෝ මම තමයි තේ හදන්නේ කියලා කිව්වා. අනේ මගේ හාමුදුරුවනේ, ඔබවහන්සේ තේ හදලා මම බීලා හරියන්නෙ නැහැ. මමත් එන්නම් කියලා කුස්සියට ගියා. මට තේ හදන්න දුන්නේ නැහැ. මගේ හාමුදුරුවෝ තේ හැදුවා. මට පුටුවක් ළඟින් තිව්වා. මගේ හාමුදුරුවෝ හිටගෙන, මම වාඩිවෙලා. මගේ හාමුදුරුවනේ, මමත් හිටගෙනම ඉන්නම් කිව්වා. එතකොට හාමුදුරුවෝ කිව්වා ‘අපේ මහත්තය වාඩිවෙන්න, කන බොන වෙලාවට නැගිටින්න හොඳ නැහැ’ කියලා.”

“බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න අපිට ඒ ඇති”

එම අවස්ථාවේ ස්වාමීන්වහන්සේ පැවසූ දෙය ද මන්ත්‍රීවරයා සිහිපත් කළේය: “කිසිම දෙයක් ඕනේ නෑ අපේ මහත්තයෝ. අනුරාධපුර රජවරුන්, මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරපු බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න අපිට ඒ ඇති.”

“පන්සලේදී ඒ දැනුණු ළෙන්ගතුකම, ඒ ආදරය පුදුම තරම් මගේ හිතට දැනුනා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

“පන්සල මූලික සමාජයක් බිහි කරමු”

“පුළුවන් හැම වෙලාවෙම පන්සලට යන්න. පන්සලේ ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්න. පන්සල මූලික සමාජයක් බිහි කරමු. ඔව්, අපි ඒක අනුරාධපුරෙන් පටන් ගන්නවා” යනුවෙන් තිසස් කුට්ටිආරච්චි මහතා අවසන් වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *