හැකි නම් පළාත් සභා ඡන්දය කල් නොදමා දැන්ම පවත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජු අභියෝගයක් ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
මෙය හුදු දේශපාලන ප්‍රකාශයක් පමණක් නොව, ආණ්ඩුවේ ජනතා ප්‍රසාදය උරගා බැලීම සඳහා තමන් සිදුකරන සැබෑ අභියෝගයක් බවත්, ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් පසු එළඹෙන මැයි රැලිය සමගි ජන බලවේගයේ මහ ඇමතිවරුන් සමග සමරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන සන්ධානයේ මැයි දින රැලිය අමතමිනි.