ඩොලර් මිලියන 41 ක ආයෝජනයක් මගින් ක්වේ දොඹකර (Quay Cranes) හතරක් සහ රබර් ටයර් ගැන්ට්‍රි දොඹකර (Rubber-Tyred Gantry Cranes) දහතුනක් ඇතුළුව දියුණු දොඹකර තාක්‍ෂණයෙන් හම්බන්තොට වරාය වැඩිදියුණු කිරීමට නියමිත බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසනවා.
එමෙන්ම, 2025 ජනවාරි වනවිට එහි හැසිරවීමේ ධාරිතාව TEU මිලියන 1 දක්වා වැඩි කිරීමටත් අපේක්ෂා කරන බවයි එම සමූහය සඳහන් කරන්නේ.