රුපියලේ අගය අඛණ්ඩව වැඩි වෙයි

2024 වසර තුළ දී වූ සමස්ත අතිප්‍රමාණය වීම හා අනුරූපීව 2024 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අතිප්‍රමාණය වීමක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකු පවසයි.

නවතම වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී.

“2024 වසරේ නොවැම්බර් මස 29 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 11.3කින් අතිප්‍රමාණය විය. මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ නොවැම්බර් 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.”

External Sector Performance October 2024 S 8A Iri News
External Sector Performance October 2024 S 8B Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *