හේමාස් සමාගම ඩොලර් මිලියන 16.2ක ආයෝජනයක් කරමින් කෙන්යාවේ ලිපි ද්‍රව්‍ය සමාගමක් මිලදී ගනියි

ශ්‍රී ලංකාවේ හේමාස් හෝල්ඩින්ග්ස් (Hemas Holdings) සමාගම සිය අනුබද්ධ සමාගමක් වන ‘ඇට්ලස් අක්සිලියා’ (Atlas Axillia Company) හරහා කෙන්යාවේ ප්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු වන ‘ට්විගා ස්ටේෂනර්ස් ඇන්ඩ් ප්‍රින්ටර්ස්’ (Twiga Stationers & Printers Limited) සමාගමේ 75%ක කොටස් හිමිකම ඇමෙරිකානු ඩොලර් මිලියන 16.2කට මිලදී ගෙන තිබෙනවා.

මෙය හේමාස් සමාගම විසින් සිදු කරන ලද පළමු ජාත්‍යන්තර අත්පත් කර ගැනීම වීම විශේෂත්වයක්.

මේ හරහා නැඟෙනහිර අප්‍රිකාවේ වේගයෙන් වර්ධනය වන පාරිභෝගික වෙළඳපොළක් වන කෙන්යාව තුළ ශක්තිමත් මෙහෙයුම් වේදිකාවක් හිමිකම් කීමට හේමාස් සමාගමට හැකි වී තිබෙනවා

‘කාසුකු’ (Kasuku), ‘ක්‍රවුන්බර්ඩ්’ (CrownBird) සහ ‘එන්වෝයි’ (Envoy) වැනි කලාපීය වශයෙන් ප්‍රසිද්ධ ඉගෙනුම් සහ ලිපි ද්‍රව්‍ය සන්නාමයන් හිමි ට්විගා සමාගම අත්පත් කර ගැනීම මඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන ඇට්ලස් (Atlas) සමඟ අර්ථවත් සහයෝගීතාවක් නිර්මාණය කරමින් හේමාස් හි පාරිභෝගික සන්නාම කළඹ තවදුරටත් ශක්තිමත් කරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *