අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් 5,530 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනා මඟින් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට යෝජනා කළා.
ඒ අනුව, එම දීමනාව ලබාදීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ අරමුණින් දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති අතර, අයදුම්කරුවන් 5,530 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
එම සිසුන් සියලු දෙනා වෙත අදාළ මාසික දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.