රජයට අයත් මිල්කෝ (Milco) සමාගම 2025 වසරේ අගභාගය වන විට රුපියල් බිලියන 1.49ක සිය ඉතිහාසයේ ඉහළම ශුද්ධ ලාභය වාර්තා කරමින් දැවැන්ත මූල්‍ය පුනර්ජීවනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
පසුගිය සතියේ පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම මූල්‍ය ප්‍රගතියත් සමඟ ආයතනය පෞද්ගලීකරණය කිරීමට තිබූ සැලසුම් අත්හිටුවීමට, ණය බරින් මිදීමට සහ සේවකයන්ට හා ගොවීන්ට න පෙර නොවූ විරූ මූල්‍ය ප්රතිලාභ ලබාදීමට හැකි වූ බවයි.