අධිවේගී මාර්ගයේ 70ට අඩුවෙන් ගියොත් දඩ ගහන්න තීරණය කරයි

අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ දැනට අධිවේගී මාර්ගයේ වාර්තා වී ඇති අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් නියමිත වේගයට ගමන් නොකොට අඩු වේගයකින් රිය පදවන රියැදුරන් නිසා සිදුව තිබෙන බවට අනාවරණය වීමත් සමගය.

මේ අනුව දැනට පැයට කිලෝමීටර් 100ක උපරිම වේගය ඒ අයුරින්ම රඳවා ගනිමින් පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අවම වේගයක් හඳුන්වා දීමට මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

මේ අනුව අනතුරු සිදුවිය හැකි අන්දමින් අඩු වේගයෙන් ගමන් කරන රියැදුරන්ට එම චෝදනාව මත දඩ නිකුත් කිරීමටද නියමිතය. එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් අරුණ’ ට සඳහන් කළේ මේ මාසය අවසන් වීමට ප්‍රථම අවම වේග සීමාව හඳුන්වා දෙන බවය.

ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අවසරයද ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *