ලංකාවට අලුත් සීනි දෙන්න හිඟුරාන නව සීනි කම්හලේ වැඩ අරඹයි

හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ  සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල්  සුභ මොහොතින් ආරම්භ කළේය.

මෙම කර්මාන්ත ශාලාව අර්ධ රාජ්‍ය ආයතනයක් වන අතර එහි කොටස් සියයට 51 ක් රජය සතු වන අතර සියයට 49ක් පෞද්ගලික ආයෝජකයා සතුය.

ආසියාවේ විශාලතම කර්මාන්ත ශාලාව වු හිගුරාන සීනි කර්මාන්ත ශාලාව ගල්ඔය ව්‍යාපාරය ආරම්භක සමයේ එනම් 1961  ආරම්භ කළ අතර ඉන් වසර 64 ක පසුව අම්පාර දිස්ත්‍රික්කයේ දෙවැනි සිනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වාරය මෙසේ ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *