සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඉක්මනින් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය එකඟ වී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකරන චීනයේ සිවුදින රාජ්‍ය සංචාරය පිළිබඳ අද (16) නිවේදනය කළ ඒකාබද්ධ ප්‍රකාශයේ මේ බව සඳහන් වේ.
ආර්ථිකයේ සහ වෙළෙඳාමේ ද්විපාර්ශ්වික සහයෝගිතාවෙහි ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව හා චීනය සෑහීමකට පත්ව සිටියි.
චීන ආනයනකරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ අදාළ සංගම් සමග සබඳතා ඇති කර ගැනීමේදී තේ, මැණික් සහ අනෙකුත් කර්මාන්තවල ශ්‍රී ලාංකික ව්‍යවසායන්ට අඛණ්ඩව සහය වීමට චීනය එකඟ වී ඇත.
තවද චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය, චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ ඊ-වාණිජ්‍ය වේදිකා වැනි ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වයට පහසුකම් සැලසීමට සහ අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල මත පදනම්ව දෙරටේ ව්‍යවසායන් අතර සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ද චීනය සූදානමින් සිටියි.