නිවාස, ඉඩම් නැති සියලු ජනතාවට නිවාස ඉඩම් දෙනවා – සජිත් සහතික වෙයි

තමන් ජනාධිපති වූ පසු ගම්උදා යුගය යළි ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් නිවාස අමාත්‍ය ධුරයේ දරද්දී ආරම්භ කරන ලද ව්‍යාපෘති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු අත්හිටුවන ලද බවත් වත්මන් ජනාධිපතිවරයාද එම ක්‍රියාව ඉදිරියට ගෙනවිත් ඇති බවටත් හෙතෙම චෝදනා කළේය.

තමන් ජනාධිපතිවරයා බවට පත් වූ පසු එසේ අත්හිටුවන ලද ව්‍යාපෘති සියල්ල සඳහා නැවත ආරම්භ කරන බවද ඔහු පැවසීය.

මෙරට නිවාස නැති ඉඩම් නැති සියලු ජනතාව සඳහා ගම් උදාව වැඩසටහන යළි ආරම්භ කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මුලතිවු තිබූ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණය ජනරැළියක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *