මේ වසරේ (2024) මුල් මාස හතේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ගිය වසරේ (2023) මුල් මාස හතට සාපේක්ෂව සියයට 9.1කින් වර්ධනය වී ඇත.
මේ අනුව ගිය වසරේ (2023) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 9548.1ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම මේ වසරේ (2024) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 10418.5ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මේ අතර ඉකුත් ජූලි මාසයේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1734.1ක් දක්වා සියයට 25කින් වර්ධනය වී ඇති බවද එහි සඳහන් වේ.