තම ගෙවත්තේ සැදූ මඤ්ඤොක්කා ගසකින් විස්මිත ඵලදාවක් ලබාගැනීමට හැකියාව උදා වූ අපූරු මිනිසකු අපට හමුවන්නේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයෙනි. කිසිදු රසායනික පොහොර භාවිතයකින් තොරව තම ගෙවත්තේ වගා කළ ගස් දෙකකින් යුත් මඤ්ඤොක්කා පඳුරකින් කිලෝ 44ක වාර්තාගත අස්වැන්නක් ලබාගැනීමට, මහනුවර, පිළිමතලාවේ, ගංගොඩ පදිංචි ඊ.ඩබ්ලිව්. සුබසිරි මහතාට හැකියාව ලැබී ඇත.
තම ගෙවත්තේ එදිනෙදා භාවිතය සඳහා ගැනීම වෙනුවෙන් විවිධ බෝග වගාකිරීම තම දෛනික ක්‍රියාවලියේ කොටසක් බවත්, රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙම කටයුතු සඳහා කාලය වැඩිපුර යොදවන බවත් ඒ මහතා කීය.
තම ගෙවත්තෙන් සුබසිරි මහතාට ලැබුණු මෙම අස්වැන්නෙහි වෙළඳපොළ වටිනාකම රුපියල් අට දහසක් පමණ වන බව ද ඔහු පවසයි.
දැනට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවත්වීමට අවශ්‍ය බව බෝග සියල්ලම හැකි අයුරින් තම ගෙවත්තේම හෝ පවතින ඉඩකඩක සකසා ගන්නා ලෙසත්, ඉඩකඩ ඇති සුදුසු සෑම ස්ථානයකම හැකි සැම අයුරින්ම කිසියම් බවබෝගයක් වගා කරගන්නට උත්සාහ කරන ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.