- වැඩිමිලට විකුණන්න වව්නියාවේ ඉඳන් අනුරාධපුරයට අරක්කු අදින්නත් පටන් අරන්…
පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්රික්කයේ සියලුම මත්පැන් අලෙවි සැල් වසා දමා තිබීම නිසා වැඩි මිලට මත්පැන් අලෙවි කිරීම සදහා සංවිධානාත්මක පිරිසක් වවුනියාවේ සිට අනුරාධපුරයට මත්පැන් බෝතල් රැගෙන යාමට පටන් ගෙන තිබේ.
මේ පිළිබඳව ආරංචි ලැබීමත් සමගම මැදවච්චිය හා මිහින්තලේ පොලීසි විසින් රඹෑව හා තවත් ස්ථාන දෙකකදී හදිසි මාර්ග බාධක යොදා වාහන හා සැකකටයුතු පුද්ගලයින් පරීක්ෂා කිරීමට පටන් ගෙන ඇත.
අනුරාධපුරයේ මත්පැන්හල් වසා දමා ඇතත් වවුනියාවේ මත්පැන් ශාලා විවෘතව ඇති නිසා සැතපුම් 30 ක දුරක් ගෙවා ගෙන අනුරාධපුරයේ සිට වවුනියාවට පැමිණ මත්පැන් පානය කොට ආපසු අනුරාධපුරයට යාමටද තරුණයෝ පුරුදු වී සිටිති.
එය වැළැක්වීමට නොහැකි බව ප්රකාශ කරණ පොලිසිය අලෙවිය සදහාත් භාවිතය සඳහාත් බෝතල් පිටින් වවුනියාවේ සිට අනුරාධපුරයට මත්පැන් රැගෙන යන පිරිස් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.