බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කළ නොහැකි වත්මන් රජයට ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සැපවත් කිරීමට හැකිද යන්න ගැටලුවක් ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇවිදින පුස්තකාල කියා විද්වතුන්ගෙන් සපිරි රජයක් බිහි කරන බව පැවසූ වත්මන් රජය ඇ. ඩො. ලක්ෂ 25ක ණය වාරිකයක් හැකර්වරුන්ට පූජාකළ බවත් විදේශය ණය වාරිකයක් නිසිලෙස ගෙවාගත නොහැකි, බන්ධනාගාර පාලනය කළ නොහැකි මේ රජය ජනතා ප්‍රශ්න විසදන්නේ කෙසේද යන්න ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායකවරයෙ මේ බව කියා සිටියේ බොරැල්ල, මාලිගාකන්ද ප්‍රදේශයේදී සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.
මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයේදී අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයාට විරුද්ධව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයේදී රජය ඔහුට පක්ෂව ඡන්දය ලබාදී විපක්ෂයට උසුලු විසුලු කළ බවත් එය සිදුවී දින කිහිපයක් ගත වන විට මහර බන්ධනාගාරයේ පවා එවැනි ගැටුමක් ඇති වූ බවද පැවසීය.
මේ අතර, එදා වත්මන් අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයා රැකගැනීමට ඡන්දය ලබාදුන් වත්මන් රජයට අදවන විට නැවතත් මහර බන්ධනාගාරයේ කලබළකාරී තත්ත්වය විසදීමට සිදුව ඇති බවත් බන්ධනාගාරයක් පාලනය කළ නොහැකි වත්මන් රජයට රට ගොඩගැනීමට නොහැකි බවත්, රට ගොඩගනවා වෙනුවට රට විනාශ කරන රජයක් රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද අප රටේ 30-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් වී ඇති බවත් නාගරික ග්‍රාමීය වතු ආශ්රිත බල ප්‍රදේශවල සමස්ත ජන සමාජයේ විශාල ප්‍රමාණයක් අද දුප්පතුන් බවට පත්ව ඇති බවත් ඔහු පැවසීය.