ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාට අකල් මරණයක් ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ශෝක පණිවිඩයක් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බව නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ, “සමාජ මාධ්‍යජාල තුල සංසරණය වන පහත ඡායාරූපය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි අප්‍රසාදය ඇතිකිරීමේ අරමුණින්, සංස්කරණය කර පළකරන ලද්දකි” යනුවෙනි.
ව්‍යාජ පෝස්ටුවේ “සබ්බ පහාය ගමනියං” යන ශීර්ෂය යටතේ, කපිල චන්ද්‍රසේන මහතාට අකල් මරණයක් සිදු වේවායි පැතූ බවට වන පාඨයක් නාමල් රාජපක්ෂ මහතාගේ අත්සනින් පළ කර තිබුණි. මාධ්‍ය ඒකකය අවධාරණය කරන්නේ එවැනි ප්‍රකාශයක් මන්ත්‍රීවරයා විසින් සිදු නොකළ බවයි.