රනිල් මහත්තයගේ අවසාන කාලයේ එතුමගෙන් වැඩක් ගන්න ඕනේ – ප්‍රේමනාත් සී දොලවත්ත

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ හැකියාව පවතින්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත්, වත්මන් රජයට රට කරවීමට නොහැකි නම් එය විපක්ෂයට භාර දිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, වසර එකහමාරක් ඇතුළත රටේ කටයුතු කරගෙන යාමට නොහැකි වුවහොත් ධුරය අතහැර යන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ බවයි.

වත්මන් තත්ත්වය අනුව රජයට මෙම කාර්යය කරගෙන යාමට නොහැකි බව දැන් පැහැදිලි වී ඇතැයි ද ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා අවුරුදු එකහමාරක් ඇතුළත කරගන්න බැරි උනොට් මේක දාලා යනවා කියලා. දැන් පැහැදිලියි මේක කරගන්න බෑ. එතකොට මේක විපක්ෂයට දෙන්න ඕනේ මේක කරන් යන්න. මේ කොට අඳින්න පුළුවන්, මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පුළුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි කියන්නේ ආර්ථිකය ගොඩදාපු කෙනාව පාර්ලිමේන්තුවට දාගෙන එතුමගේ මේ අවසාන කාල පරිච්ඡේදය තුළ වැඩ ගන්න.ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රධාන විපක්ෂයේ නායකයා. එතුමාට අගමැති වෙන්න පුළුවන්. නාමල් රාජපක්ෂ මහත්තයටයි, සර්ව ජන බලවේගයේ දිලිට්ජ් මහත්තයටයි, තව කවුරු හරි පක්ෂවල ඉන්න අයට එන්න කියලා ඇමතිකම් ගන්න. ඇමතිකම්, අගමැතිකම් අරගෙන මේ කැබිනට් එකේ වැඩ කරලා පෙන්වන්න. මේ රට හදලා පෙන්වන්න. ඊට පස්සේ 2029 තමුන්නාන්සේලාට ජනාධිපති සූට් එක ඇදගෙන ඉස්සරහට යන්න පුලුවන්.”

Source – News19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *