තමන්ගේ නිල ධුර කාලය අවසන් වීමට මත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වී පැන යන බවට සමාජය තුළ පැතිර යන කටකතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සෘජුවම ප්‍රතික්ෂේප කරයි.
තමන් කිසිසේත්ම වගකීම්වලින් මඟහැර පලායන පුද්ගලයෙකු නොවන බව ඔහු අවධාරණය කළේය.
තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, තමන්ට පැන යාමේ අවශ්‍යතාවයක් තිබුණේ නම් රටේ ආර්ථිකය අතිශය බරපතළ අර්බුදයක පැවති අවස්ථාවේදී මෙම ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවයි.